බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන අද (2021 ජනවාරි 15) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

15 Jan 2021

ඉදුරාම බඳවා ගැනීමට අයත් නවක නිලධාරීන් සහ නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන් හා නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2021 ජනවාරි 15) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

15 Jan 2021

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අද (2021 ජනවාරි 15) දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2021 ජනවාරි 15) එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත සුභපැතුම් එක් කරන ලදී.

15 Jan 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර සිය වසර 36 ක නාවික සේවය නිමා කරමින් අද (2021 ජනවාරි 15) දින විශ්‍රාම යන ලදී.

15 Jan 2021