නාවික හමුදාව විසින් ඉදි කළ 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය රුවන්වැලි මහසෑ පුද බිමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ නාවික සමාජ සුභසාදන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සිදු කළ තවත් සමාජ සත්කාරයක් ලෙස රුවන්වැලි මහසෑ පුද බිමේ අභිනවයෙන් ඉදි කරන ලද 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2020 දෙසැම්බර් 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවෘත කෙරිණි.

26 Dec 2020

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍ය බොදුනුවන්ගේ වන්දනාව පිණිස පූජා කෙරේ

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ හී නාවික පුද්ගලයින්ගේ මුල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍ය අද (2020 දෙසැම්බර් මස 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කරන ලදි.

26 Dec 2020