ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක අද (2020 නොවැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හමු වූ මෙම ප්‍රථම නිල හමුවේදී සුහද පිළිසඳරක නිරතවූ නාවික හමුදාධිපතිතුමන්, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් වෙත සුභපැතුම් පිරිනමන ලදි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.