රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හට ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

තවද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට අමතරව රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන්ද කටයුතු කරනු ලබයි.