නාවික විරුවන් MT New Diamond නෞකාවේ ඉංජිනේරුවරයාගේ සුවදුක් විමසීමට රෝහලට.

පසුගිය සැප්තැම්බර් 03 වන දින ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ තුවාල ලබා නාවික හමුදාව මගින් බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කළ එම නෞකාවේ තුන්වන ඉංජිනේරු නිලධාරියාගේ සුවදුක් විමසීමට එම දිවිගැලවීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයින් තිදෙනා හට 2020 සැප්තැම්බර් 13 වන ඉරිදා දින අවස්ථාව හිමි විය.

14 Sep 2020

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2020 සැප්තැම්බර් 14) අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත සුභපැතුම් එක් කරන ලදී.

14 Sep 2020