ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනය 53 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 53 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 09 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

රංගල ආයතනයේ 53 වන සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව විසින් නාවික සම්ප්‍රදායන්ට හා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, නාවික සාම්ප්‍රදායානුකූලව 2020 සැප්තැම්බර් 09 වන දින උදෑසන ආයතනයේ අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, 53 වන සංවත්සරය නිමිත්තෙන් අණදෙන නිලධාරී ඇතුළු නැව්මුළුවේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද කටයුතු කරන ලදි.