ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩීඒ අශ්මන් අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි.

තවද මෙහිදී බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති දිගු කාලීන සබඳතාවය සහ සහයෝගීත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් විසින් බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක්ද පිරිනමන ලදි.