ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මැතිනිය අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න හමුවිය.

මෙහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් තුර්කි තානාපතිනිය විසින් නාවික හමුදාධිපති තුමන් වෙත සුභාශිංසන පිරිනමන ලද අතර, තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඇති දිගුකාලීන සම්බන්ධතාවය සහ ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව තානාපතිනිය සහ නාවික හමුදාධිපති තුමන් අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම සුහද හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණි.