රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ ‍නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව අද (2020 අගෝස්තු 31) හම්බන්තොට වරායට සේන්දු විය.

සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්යමණ්ඩල විවේකය සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ මෙම නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව, එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් කර ඇත.

තවද මෙලෙස දිවයිනට සේන්දු වූ නෞකාවන් ත්‍රිත්වය එළඹෙන සැප්තැම්බර් 03 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.