නාවික හමුදාව විසින් උතුරු සහ දකුණු වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

උතුරු නාවික විධානය මගින් නීලක්කාඩු කල්මුණේ තුඩුව, මාන්කුම්බාන්, ඔත්තප්පනෙයි, කඩෙයිකාඩු, පෙරුමුකාඩු සම්බිලිතුරේ, සහ කංකසන්තුර වරාය ආශ්‍රිත වෙරළ තීරයන් හා දකුණු නාවික විධානය මගින් ගාල්ල කොටුව, තංගල්ල ගොයම්බොක්ක සහ හම්බන්තොට ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය රැසක් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

පවතින කොවිඩ් 19 අවධානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් මෙම වැඩසටහන් පවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම වැඩසටහන් සඳහා උතුරු සහ දකුණු නාවික විධානයන්හි නාවික පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර, දිවයින වටා වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.