නාවික තඨාකාංගනයේ ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව පවත්වයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය තුල පිහිටා ඇති ගණදෙවි කොවිලේ වාර්ශික පූජාව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2020 අගෝස්තු 22 දින පැවැත්විණි.

නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවික සහ සිවිල් හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදේශයේ හින්දු පූජක වරුන් විසින් පූජාව මෙහෙයවන ලද අතර, නාවික තඨාකාංගනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව විසින් මෙම ගණදෙවි පූජාව පැවැත්වීමේ සංවිධාන කටයුතු සිදු කරන ලදි.

තවද මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක්ද සහභාගි වී සිටියහ