රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න අද (2020 අගෝස්තු 25) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

ඔහුගේ 55 වන උපන් දිනය යෙදී තිබූ අද දින, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න හට උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් අනතුරුව නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න පිටත්ව යන අවස්ථාවේ මාර්ගය දෙපස සිට ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු වෙත සුභාශිංසන පිරිනමන ලදි.

1987 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, සිය සේවා කාලය තුල අධ්‍යක්‍ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, ආඥාපති නාවික පාබල සේවා ආදී ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.