ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් හා නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

එහිදී, රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් හා නාවික උපදේශක විසින් 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සිය සුභාශිංසන පිරිනමන ලද අතර, ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති තුමන් විසින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගු කාලීන සුහදශීලි සබඳතාවය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරතවිය.

තවද මෙම විශේෂ හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.