ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක අභිනව නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) අද (2020 ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

එහිදී, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක විසින් 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සිය සුභාශිංසන පිරිනමන ලද අතර, නාවික හමුදාධිපති තුමන් විසින්ද නව ආරක්‍ෂක උපදේශක වෙත සුභාශිංසන පිරිනමන ලදි.

නව ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති තුමන් විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගු කාලීන සුහදශීලි සබඳතාවය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරතවීමෙන් පසුව, මෙම විශේෂ හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.