බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 42ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 42 ක් 2020 ජුලි මස 25 සහ 26 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

27 Jul 2020

කඩොලාන පරිසර පද්ධතිය සහ වෙරළ තීරයන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක ‍කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයනහි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

27 Jul 2020

ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ 2020ජූලි 25 වන දින වැඩ භාර ගන්නා ලදී.

27 Jul 2020