සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුනි 27 සහ 28 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

29 Jun 2020

නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි 28 වන දින කතරගම, නව නගරය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

29 Jun 2020

කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු 2020 ජුනි මස 27, 28 සහ 29 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

29 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 826ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

29 Jun 2020