නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි 28 වන දින කතරගම, නව නගරය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමග එක්ව කතරගම, නව නගරය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් 2020 ජුනි 28 වන දින ක්‍රියාත්මක කරන ලදි. එහිදී ප්‍රදේශයේ නිවසක් තුල ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර සඟවා තිබූ කිලෝ 04 ග්‍රෑම් 150 ක් සහ කිලෝ 05 ග්‍රෑම් 750 කට ආසන්න බරකින් යුත් උස සෙන්ටිමීටර 94 ක් සහ සෙන්ටිමීටර 101.5 කට ආසන්න ඇත් දල දෙකක් සොයා ගැනීමට හැකිවූ අතර, එහිදී අදාල නිවසේ සිටි පුද්ගලයෙකුද සැකපිට අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 58ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගත් අතර, අදාල සැකකරු, අත්අඩංගුවට ගන්නා ලද ඇත් දල දෙක සහ සකස් කරන තිබූ ව්‍යාජ ලේඛන ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කතරගම වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.