හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් කටුනායක, හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.

30 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 388ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

30 May 2020

නාවික හමුදාව විසින් නිෂ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත කෙරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දීමට 2020 මැයි 29 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදි.

30 May 2020

නාවික හමුදාව විසින් පුද්ගලනාශක බෝම්බ තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 මැයි මස 29 වන දින මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලනාශක බෝබ්බ තොගයක් සොයා ගැනීමට සමත් විය.

30 May 2020

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා ඔය, ආනන්ද පුර ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

30 May 2020