හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් කටුනායක, හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (2020 මැයි 30) කටුනායක, හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට එම සංවිධානයේ උප සභාපති මැටිල්ඩා සිල්වා මැතිණිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් එම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානයේ සාමාජිකයින් සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍