‘මනුසත් දෙරණින්’ නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 28) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. කොරෝනා වෛරසය පිටු දැකීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙම වැඩසටහන් සඳහා මනුසත් දෙරණ මානූෂීය ක්‍රියාන්විතය යටතේ සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 28) සිදු කරන ලදි. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් එම විෂයන් නාවික හමුදාව වෙත භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට පැමිණ සිටි දෙරණ මාධ්‍ය ආයතනයේ සභාපති දිලිත් ජයවීර, එම ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් මෙම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික හමුදාව වෙත මෙම පරිත්‍යාගය සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙනුවෙන් දෙරණ මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන්ට, එම ආයතනය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට සහ ‘මනුසත් දෙරණ’ කාර්ය මණ්ඩලය වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍