බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 11 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (2020 අප්‍රේල් 16) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මෙලෙස අද (2020 අප්‍රේල් 16) බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන ලදි. ඒ අනුව, මෙලෙස පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ විධායක නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි.

තවද, මේ වන විට පුද්ගලයින් 68 දෙනෙකු නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 31 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.