ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් පානම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහය ලබා දෙමින් සිටී. එහි තවත් එක් අධියරක් වශයෙන් ගිණිකොණ නාවික විධානය මගින් 2020 අප්‍රේල් 05 වන දින පානම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර සළාකයන් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර මෙම වැඩසටහන ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් වීජේසූරියගේ මග පෙන්වීම යටතේ සිදු කරන ලදි.

ඉදිරියේදීද මෙවැනි සමාජ සුභසාධන වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.