කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.

මත් ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව උතුරුමැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළට ආසන්නයේ පොලොව යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 12 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් (පාර්සල් 06) සොයා ගන්නා ලදි. ඒ අනුව මෙම කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටුකර දීම සඳහා සිදු කරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය සඟවා තබන්නට ඇතැයි සැක පල කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම දූෂණ මර්ධන ඒකකය වෙත භාරදීමට කටයතු කරන ලදි.