නාවික හමුදාධිපති තුමන් නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් සිල්වා අද (2020 පෙබරවාරි 15) නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය.

ඒ අනුව, 2020 පෙබරවාරි 10 වන සිට දින බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ කිමිදුම් සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් සාමාජිකයින් එක්ව හදාරනු ලබන ඒකාබද්ධ කිමිදුම් පාඨමාළාවේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික හමුදා කිමිදුම් පාසල වෙත පැමිණෙන ලදි.

එහිදී නාවික හමුදාධිපතිතුමන් පාඨමාලාව හදාරනු ලබන සාමාජිකයින් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූ අතර, ඔවුන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදි.