වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරී වැඩ භාර ගනී

වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරි වශයෙන් කපිතාන් (අවි) පූජිත සුගතදාස 2020 පෙබරවාරි මස 14 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.

ඒ අනුව, මෙතෙක් වැලිසර නාවික සංකීර්ණයේ නාවික අණභාර නිලධාරි වශයෙන් කටයුතු කල කොමදෝරු ප්‍රදීප් රත්නායක විසින් එම ධූරයේ වැඩකටයුතු නිළ වශයෙන් නව පත්විමි ලැබ පැමිණි කපිතාන් (අවි) පූජිත සුගතදාස හට චාරිත්‍රානුකුලව භාර දිම සිදුකරන ලද අතර, කොමදෝරු ප්‍රදීප් රත්නායක හට නාවික චාරිත්‍රානුකූලව සම්මාන මුරයක් මගින් සමුදීම සිදු කරන ලදි.

එසේම, මෙම අවස්ථාව සදහා වැලිසර නාවික සංකීර්ණයට අයත් ආයතනයන්හි සියළුම අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයන්ද සහභාගි වන ලදි.