අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 14 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තලෙයිමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් මගින් සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති අතර, එය වැඩිදුර පරීක්‍ෂා කරීමේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ මෙම පිරිස නාවික හමුදා භාරයට ‍ගැනීමට කටයුතු කර ඇත. තවද, මෙම පිරිස අතර ‍වයස අවුරුදු 39 ක් වන ඉන්දියානු ජාතික පිරිමි පුද්ගලයෙක් (01), වයස අවුරුද් 33 ක් වන ඉන්දිය ජාතික කාන්තාවක් (01), වයස අවුරුදු 07 ක් වන ගැහැණු ළමයෙකු (01) සහ ඔවුන් ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ඩිංගි යාත්‍රාව රැගෙන ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ද (02) විය.

එසේම නාවික හමුදා බාරයට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 36 සහ 44 වන වියෙහි පසුවන මන්නාරම් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

ඒ අනුව, තලෙයිමන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැ‍ගෙන ආ එම පිරිස වෙත ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

මෙම මෙහෙයුම උතුරු නාවික විධානය මගින් සිදු කරන ලදි