කිලෝග්‍රෑම් 14 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 14 වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව මාදගල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකින් මෙලෙස නීති විරෝධිව මෙම රත්‍රං තොගය ශ්‍රී ලංකාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

එලෙස සොයා ගන්නා ලද රත්‍රං තොගය කිලෝ 14 ග්‍රෑම් 350 ක් වන අතර, එහි වටිනාකම රුපියල් මිිලියන 110 කට ආසන්න වෙතැයි ගණන් බලා ඇත. තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක ප්‍රමාණය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

මෙම මෙහෙයුම උතුරු නාවික විධානය මගින් සිදු කරන ලදි