ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය විවෘත කෙරේ.

අභිනවයෙන් ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය අද (2020 පෙබරවාරි 14) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් විවෘත කරන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ ඉදිකර තිබූ මෙම නිල නිවාසය අද දින විවෘත කිරීමෙන් පසු එම අවස්ථාව සනිටුහන් කරමින් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් නිල නිවාස පරිශ්‍රයේ ‘කුඹුක්’ පැළයක්ද සිටුවීමට කටයුතු කරන ලදි. එසේම මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය උතුර) කොමදොරු නිශාන්ත පොන්නම්පෙරුම, නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) කොමදොරු ප්‍රසාද් කාරියප්පෙරුම, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ විධානයට අයත් ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

තවද, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් සමරු පොතෙහි සටහන් තැබීමටද කටයුතු කරන ලද අතර, මෙම අස්ථාව සඳහා සහභාගී වූ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදි.