කොමාණ්ඩර් ගීත් ජයලත් ශ්‍රීලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගීත් ජයලත් අද (2020 පෙබරවාරි 14) වැඩ භාර ගන්නා ලදී.

බටහිර විධාන මුලස්ථාන සරඹ පිටිය පරිශ්‍රයේදී එම භාර දීමේ භාර ගැනීමේ උත්සව අවස්ථාව පැවැත්වූ අතර, නෞකාවේ හිටපු අණදෙන නිලධාරි, කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් විසින් නව අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් ගීත් ජයලත් හට ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් නිල වශයෙන් භාර දීම සිදු කරණ ලදි.

ඒ සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය වෙනුවෙන් බටහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සුනිල් සේනාරත්න ද සහභාගී විය. නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.