නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව සහ ගාල්ල, ධීවර පරීක්‍ෂක නිලධාරීන් එක්ව 2020 පෙබරවාරි මස 07 වන දින ගාල්ල, හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාව විසින් නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම අරමුණු කර ගනිමින් දිවයින වටා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, 2020 පෙබරවාරි මස 07 වන දින රාත්‍රියේ ගාල්ල, හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ ගාල්ල, ධීවර පරීක්‍ෂක නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතර තුර නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝක භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ගාල්ල, ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය විසින් සිදු කරනු ලබයි.