නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 03 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව සහ කලවංචිකුඩි පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය එක්ව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, ඔහු පිළිබඳ වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සැකකරු සතුව තිබී නීති විරෝධී දුම්වැටි 240ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. මෙම දුම්වැටි විකිණීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස සොයා ගැනීමට හැකිවී ඇති අතර, ඒ අනුව අදාල දුම්වැටි තොගය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 27ක් වන කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි කරුවකු බව වැඩි දුර විමර්ෂණයේදී කරුණු අණාවරණය කර ගෙන ඇත. අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදරි විමර්ශණ කටයුතු සිදු කිරීම සඳහා කාත්තන්කුඩි පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.