මසුන් මැරීම සඳහා සකස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03) මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03) මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදුකල ‍සෝදිසි මෙහෙයුමකින් කොන්තපිඩ්ඩි ධීවර වරාය අසල පතොක් පඳුරක් තුල සගවා තිබූ ජෙලිග්නයිට් කූරු තුනක් (03) සහ සේවා නූල් සහිත විද්‍යුත් නොවන ඩෙටනේටර් තුනක් (03) සොයා ගන්නා ලදි.

තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද ජෙලිග්නයිට් කූරු සහ සේවා නූල් සහිත විද්‍යුත් නොවන ඩෙටනේටර් සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු සදහා මන්නාරම පොලීසිය වෙත භාර දෙන ලදි.