සාගරයේ ස්ථාපිත කර තිබූ සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ ඉවත් කර ගැනීමට නාවික හමුදා සහය

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ නිලධාරින් පිරිසක් නාවික හමුදාව සමග එක්ව 2020 ජනවාරි මස 30 වන දින සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ දෙකක් (02) නැවත අලුත්වැඩියා කටයුතු සදහා ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදි.

Seaglider උපකරණය මගින් සාගර විද්‍යා දත්ත රැස්කිරිම, පාරිසරික අධික්ෂණ, දේශගුණික විපර්යාස අධ්‍යනය සහ ධීවර පර්යේෂණ දත්ත රැස්කිරිම සිදුකරනු ලබන අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ නිලධාරින් සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයකුගේ සහභාගිත්වයෙන් ගාල්ල ප්‍රදිපාගාරයට මුහුදු සැතපුම් 20 ක් (20NM) පමණ දුරින් ස්ථාන ගත කර තිබු මෙම උපකරණ එම ස්ථානවලින් ඉවත් කර වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් ශ්‍රිලංනානෞ දක්‍ෂිණ ආයතනයේ ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

දකුණු නාවික ප්‍රදේශ භාර ආඥාපතිගේ උපදෙස් මත නාවික හමුදාව දැක්වූ සහයෝගය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ නිලධාරින් සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයා විසින් නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටින ලදි. තවද‍, මෙවැනි ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට නිරන්තරයෙන් සූදානමින් සිටියි.