කේරළ ගංජා කිලොග්‍රෑම් 191 ක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව අද (2020 ජනවාරි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද යාපනය, සුරාබදු ඒකකය සමඟ එක්ව යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැක කටයුතු නිවසක් පරීක්‍ෂා කර ඇති අතර, එහිදී එම නිවසේ සූක්‍ෂමව සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 191 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත‍්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, අත් අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 20 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු යාපනය, සුරාබදු ඒකකය විසින් සිදු කරනු ලබයි.