කේරළ ගංජා තොගයක් නාවික හමුදා සහායෙන් අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ජනවාරි 29 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

2020 ජනවාරි 29 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව කිළිනොච්චිය, බාරතිපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා තිබූ පාර්සලයක් නිරීක්‍ෂණය කර ඇති අතර, පාර්සලය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඒ තුල කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් මෙලෙස ජාවාරම් කරුවන් විසින් කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 900ක ප්‍රමාණය අතහැර පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එසේම, අත්අඩංගුවට ගත් කිලෝ 1 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කිළිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.