නාවික හමුදා දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකෙරේ.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 25 වන දින ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව උතුරු නාවික විධානය මගින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන කයිට්ස් සහ මණ්ඩතිව් දූපත් වෙරළ තීරයන් සහ දකුණු නාවික විධානය මගින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන ගාල්ල, තංගල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදි. එසේම මෙම සමාජ සත්කාරය සඳහා සිවිල් ජනතාවගේ සහයද ලැබුනු අතර, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් මේ සඳහා සහභාගී වූ නාවික සහ සිවිල් පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකියාව ලැබී ඇත..

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩව මෙවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ත්‍රියාත්මක කිරීම හේතුවෙන් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.


දකුණු නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


උතුරු නාවික විධාන‍යේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන