අතහැර දැමු අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට නාවික හමුදාව සමත් වෙයි

නාවික හමුදාව විසින් පොල්පිතිගම, ඉඳගොල්ල යාය 07 ප්‍රදේශයේ තිබී අතහැර දමන ලද ජීවී අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට 2020 ජනවාරි 13 වන දින සමත් වන ලදි.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා නාවික හමුදාව පොල්පිතිගම පොලිසිය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව පොල්පිතිගම, ඉඳගොල්ල යාය 07 ප්‍රදේශයේ තිබි අතහැර දමා තිබූ ජීවී අත්බෝම්බ දෙකක් (02) නිශ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

මෙම අත් බෝම්බ දෙක සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොල්පිතිගම පොලිසිය විසින් සිදු කරන ලබන අතර, මෙවැනි ඕනෑම අවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.