දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2020 ජනවාරි 11) ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් වන ‘සුරක්ෂිත පරිසරයක්’ යන සංකල්පය ද එමගින් ක්‍රියාවට නැංවිමට නාවික හමුදාව අපේක්‍ෂා කර ඇත.

ඒ අනුව නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලද තවත් වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවක් මෙලෙස ක්‍රියාත්මක කරන ලදී. එහිදී උතුරු අර්ධද්වීපයට අයත් යාපනය, කන්කසන්තුරෙයි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම, දකුණු වෙරළ තීරය ද පිරිසිඳු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, එහිදී මහමෝදර ආශ්‍රිත වෙරළ තීරය, ගිංතොට වෙරළ තීරය, තංගල්ල ඹරුවැල්ල වෙරළ තීරය සහ හම්බන්තොට ඉඳිවින්න වෙරළ තීරය පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදී. එහිදී, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි වී ඇත.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.


උතුරු නාවික විධාන‍යේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


දකුණු නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන