ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 10 වන දින වාලච්චේන, කුරින්ජිනගර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ගිනි අවියක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඔහු පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී එම සැකකරු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී ඔහු සතු බෑගයක සුක්‍ෂම ලෙස සඟවා තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන ඇති අතර, එම අවිය සඳහා භාවිතා කරනු ලබන මිමි 7.62 x 39 පතොරම් 27 ක් සහ මැගසින් 01 ක් ද සොයා ගෙන ඇත. තවද, මෙම සැකකරුගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී මෙම අවිය කිරාන් ප්‍රදේශයේ සිට රැගෙන පැමිණි ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 23 වන වියෙහි පසුවන කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ටී 56 ගිනි අවිය, සහ මිමි 7.62 x 39 පතොරම් 27 ක් සහ මැගසිනය ඉදිරි නීතිමය කටයුතු සඳහා වාලච්චේන, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.