ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ තවත් ජයක් නාවික හමුදාවට
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද්ධ හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 10 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35 - 34 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.
10 Jan 2020
අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී අද (2020 ජනවාරි 10) අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.
10 Jan 2020
ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට සමත් විය.
10 Jan 2020
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් වෝටර්ජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින නිලාවේලි, දෙව්ගල් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා වෝටජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සමග පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
10 Jan 2020
නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල දහසක් රෝපණය කරයි
ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
10 Jan 2020



