ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට සමත් විය.

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශය එක්ව කින්නියා ප්‍රදේශයේදී සිදු කරන ලද ‍මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර ඇති අතර, අදාල පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔවුන් සතුව තිබී ටීඑන්ටී සහ සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 1.5 ක් සොයා ගැනීමට හැකි වී ඇත. එහිදී එම පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 44 ක් සහ 56 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත් අඩංගුවට පත් සැකකරුවන් සහ වෙඩි බෙහෙත් තොගය ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කින්නියා පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.