ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ තවත් ජයක් නාවික හමුදාවට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද්ධ හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 10 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35 - 34 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

මෙම තරඟය නැරඹීම සඳහා නාවික හා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.