නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් වෝටර්ජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින නිලාවේලි, දෙව්ගල් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා වෝටජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සමග පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම තුලින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සුන්දර කොරල්පර පද්ධතිය ඇතුළු සාගර සම්පත දැඩි ලෙස විනාශවීමේ තර්ජනයට ලක් වන අතර, එය මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව නිලාවේලි, දෙව්ගල් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇත. එහිදී ඔහු සතුව තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා චාර්ජස් දෙකක් (02) සොයාගෙන ඇත.

සොයා ගන්නා ලද චාර්ජස් තුල තිබී වෝටල්ජෙල් කූරු දෙකක් (02), විදුලි නොවන ඩෙටනේටර් එකක් (01) සහ විදුලි ඩෙටනේටර් එකක් (01) සමග ආරක්‍ෂිත වෙඩි නූල් දෙකක් සොයාගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇත.

අත් අඩංගුවට පත් සැකකරු සහ චාර්ජස් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.