නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය, මිරින්චිමුනායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තරයෙන් නාවික හමුදාව කටයුතු කරන අතර, ඒ අනුව විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය,මිරින්චිමුනායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස නිවසක් තුල සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයාගැනීමට හැකි වී ඇත. එහිදි, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 21 ක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 41ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට වෙත භාර දීමට කටයුතු කෙරිණි.