ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 30 වන දින මහඉලුප්පලම, ගල්මඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සහ සෙට්ටිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මහඉලුප්පල්ලම, ගල්මඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය පැකට් 610 ක් (කිලෝග්‍රෑම් 61) සොයා ගැනීමට සමත්ව ඇත. මෙම රසායනික ද්‍රව්‍ය තොගය‍ වෙළඳසැලක් තුල විකිණීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, එහිදී වෙළදසැලෙහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 42 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ නීති විරෝධී රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තඹුත්තේගම, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.