දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කර දීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 28 වන දින ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මක කරන ලදී. එහිදී උතුරු අර්ධද්වීපයට අයත් යාපනය, කයිට්ස්හි පිහිටි තම්පඩි වෙරළ තීරය මෙන්ම දකුණු පලාතේ ගාල්ල නගරය දෙසට වූ වෙරළ තිරය සහ තංගල්ල පරවි වැල්ල වෙරළ තීරය මෙලෙස පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි වූ අතර, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් සහ ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.


යාපනය ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


දකුණු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන