නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව 2019 දෙසැම්බර් 28 වන දින අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන මෙහෙයුමක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලදී. එහිදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි යාත්‍රා හතරක් (04) නිරික්‍ෂණය කර ඇති අතර, පසුව එහි සිටි පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික භාරයට ගෙන ඇත. එම පුද්ගලයින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, LED විදුලි බල්බ 04 ක් සහ බැටරි 13 නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.