කපිතාන්(මාලිමා) නිමල් රණසිංහ ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන්(මාලිමා) නිමල් රණසිංහ අද (2019 දෙසැම්බර් 27) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ විසින් ත්‍රිකුණාමලය නාවික තථාකාංගනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.