ගංවතුරෙන් අපවිත්‍ර වී තිබු ඉබ්බන්කටුව වැව පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ගංවතුරෙන් අපවිත්‍ර වී තිබු ඉබ්බන්කටුව වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2019 දෙසැම්බර් 24 වන දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරමින් පවති.

පසුගිය දිනවල දිවයිනට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඉබ්බන්කටුව ජලාශ‍යේ වාන් දොරටුවක් අවහිරවීම හා එම ජලාශයෙන් ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන විශාල නල දෙකක් අවහිරව තිබු අතර, එම වාන් දොරටුව සහ නල දෙක පිරිසිදු කර අපද්‍රව්‍ය ඉවත් කර‍මින් ජලය බාධාවකින් තොරව බැස යන පරිදි යථාතත්වයට පත් කිරීමට නාවික හමුදා කිමිඳුම් අංශයේ නාවිකයින් කණ්ඩායමක් විසින් කටයුතු කරමින් සිටී.