ගංවතුරෙන් විපතට පත් වයඹ ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය

පසුගිය දිනවල වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා ගංවතුර හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මගින් පිරිසිදු ජලය බෙදාහැරිමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව, මේවන විට ගංවතුර හේතුවෙන් අපිරිසිදුව තිබූ ජල ළිං 32 ක් පිරිසිදු කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට මෙන්ම ජංගම ප්‍රති ආශ්‍රැති යන්ත්‍ර මගින් පානීය ජල ලිටර් 9000 කට අධික ප්‍රමාණයක් ජනතාව වෙත බෙදාහැරිමට කටයුතු කර ඇත. එමෙන්ම ජනතාවගේ ජන ජිවිතය ගොඩනැංවිම පිණිස නාවික හමුදාව නිරන්තරයෙන් සිය දායකත්වය සැපයිමට කටයුතු කරනු ලබයි.